නව සෞඛ්‍ය අමාත්‍ය ධූරය පවිත්‍රා වන්නිආරච්චිට ?

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් ඊයේ(01)දින මහරගම අපේක්ෂා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී ඇත්තේ රෝහලේ රෝගී සත්කාර සේවාවන් නිරීක්ෂණය කිරීම හා මානව හා භෞතික සම්පත් සහ රෝගීන් සමඟ පැමිණෙන පුද්ගලයන්ට රෝහලෙන් ලබාදිය යුතු අවශ්‍යතා පිළිබදව සොයා බැලීමයි.

රෝහලේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසා ඇත්තේ ලබන වසරේ රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ සදහා අයවැයෙන් රුපියල් බිලියන 120 ක් වෙන් කළ යුතු බවට ඇස්තමේන්තු කර ඇති බවයි. එසේම

එමෙන්ම රෝහලට අවශ්‍ය ඖෂධ ඇතුලු අනෙකුත් උපකරණ සදහා අවශ්‍ය මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා මේ වන විටත් ලබා දී ඇති බව පවිත්‍රා වන්නිආරච්චි පවසා ඇත.

පසුගිය රජය සමයේ තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමක් සිදු වෙලා තිබෙනවා ද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ,

“සමහර අක්‍රමිකතා සිදු වී තිබෙන බවට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ රජය නීත්‍යානුකූල පියවර ගැනිමට බලාපොරොත්තු වෙනවා. පසුගිය රජය සමයේ ජනාධිපති කොමිසමෙන් යම් යම් ප්‍රශ්ණ ඇති වුණා. බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා ලක්වෙලා තිබෙනවා. එම කොමිසන් වාර්තා තිබෙනවා. ඒ අනුව නීත්‍යාණුකූල පියවර ගන්න අපි කටයුතු කරනවා.”

මහරගම ‘අපේක්ෂා’ රෝහලේ පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර පිණිස අවශ්‍ය ඖෂධ වර්ග 12 ක හිඟයක් පවතින බව පසුගියදා වාර්තා විය. මහරගම අපේක්ෂා රෝහලේ පමණක් නොව බොහොමයක් රෝහල්වල තත්ත්වය එයම බව මාධ්‍ය වාර්තා හරහා සනාථ වේ. අනිත් අතින් වෙන්කරන ප්‍රතිපාදන ආණ්ඩුවල ආශීර්වාදය ද සහිතව ඖෂධ මාෆියාව විසින් ගිල දැමීමද විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *